වැවට පැන්න කතකට පොලිසිය සහ තරුණයෙක් කළ දේ මෙන්න.(PHOTOS)
මිණිපේ, හසලක නගරය ආසන්නයේ පිහිටි හසලක වැව ආසන්නයේ මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු හා තරුණයකු විසින්, හසලක වැවට පැන්න කාන්තාවක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම සිද්ධිය වී ඇත්තේ පසුගිය 17 වැනිදා සවස 03.30ට පමණය.
එදින දිවි තොරකර ගැනීමට වයෝවෘද්ධ කාන්තාවක් වැව් සොරොව්ව අසලින් වැවට පැන ඇත.
එම මොහොතේ ඒ ආසන්නයෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි චමල්ක ඉසුරංග තරුණයා, නිවසට යෑම පසෙක තබා කාන්තාව බේරා ගැනීමට දියට පැන ඇත.
ඒ එක්කම ඒ අසලම මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි හසලක පොලිසියට අනියුක්තව රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් (83194) පී. එච්. ජී. එස්. වින්සන් රාජපක්ෂ මහතා ද එම කාන්තාව බේරා ගැනීමට තම නිළ ඇඳුමේ උඩ කොටස ගලවා දියට පැන ඇත.
දියේ ගිලීමට ආසන්නව සිටි කාන්තාවගේ දිවි ගලවා ගෙන ගොඩබිමට රැගෙන ඒමට එම දෙපළ කටයුතු කර ඇත.
චමල්ක ඉසුරංග තරුණයා හසලක, කීණපැලැස්ස ප්‍රදේශයේ තම බිරිඳගේ නිවස කරා යමින් සිටියදී වැව ආසන්නයේ විශාල පිරිසක් රැස්වනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී දියේ ගිලෙන කාන්තාව දැක වැවට පැන ඇත.
ඔහු “කළ්‍යාණි”, පහළ කොටවර, වැලිමඩ යන ලිපිනයේ පදිංචි අයෙකි. මහියංගණයේ දුරකථන කාඩ්පත් අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරන්නෙකි.
සිද්ධිය වූ සැල වූ වහාම හසලක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා එම ස්ථානයට ගොස්, එම කාන්තාව ප්‍රතිකාර සඳහා හසලක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
දිවි තොරකර ගැනීම සඳහා දියට පැන්න කාන්තාව, වයස අවුරුදු 58ක, හසලක, උඩවෙල, බරවර්ධන ඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ සැමියා මීට වසරකට පමණ පෙර මෙලොව හැරගොස් ඇති බවත්, තනිවම ජීවත් වීමට සිදුවීම හේතුවෙන් ජීවිතය පිළිබඳ කලකිරී දිවි තොර කර ගැනීමේ අදහසින් වැවට පැන්න බවත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
එසේම කලක පටන් මානසික රෝගයක් සඳහා ද ඇය ප්‍රතිකාර ලබන බව ද දරුවන් නොමැති තැනැත්තියක බව ද පසුව අනාවරණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


