වෙරළ පාරේ නිවසක් ඉදිරි පිට දී පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ගෙන මරුට(PHOTOS).

Police spokesman Sri Lanka Police Matara Death
By Aruna Aug 28, 2023 04:25 AM GMT
Report

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් මාතර , වෙරළ පාරේ තිබී සොයාගෙන තිබේ.

එසේ මරුමුවට පත්ව තිබුණේ බන්දුල පුෂ්ප කුමාර (55) නැමැති පොලිස් සැරයන්වරයෙකි.

ඔහු කැකණදුර තල්පාවිල පදිංචිව සිටි එක් දරු පියෙකි.

දිසා විනිසුරු නිවසේ රාත්‍රි රාජකාරියේ යෙදී සිට ඇති ඔහු උදෑසන රාජකාරි අවසන් වීමට පෙර මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

කෙසේ වෙතත් මෙය සිය දිවි හානි කර ගැනීමක් එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

වෙඩි වැදී සිටි ස්ථානය අසල බිම වැටී තිබියදී ඔහුගේ රාජකාරී ටී 56 වර්ගයේ ගිනි අවිය හා හිස් පතොරම් කොපු දෙකක් පොලීසිය සොයා ගෙන ඇත.

මාතර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery