ප්‍රධාන පාසලක ගොඩනැගිල්ලක බාල්කයේ එල්ලෙමින් තිබූ අභිරහස් මරණය..සිසුන් පිරිසක් මුලින්ම දැකපු හැටි.

Police Accident Sri Lanka School Panadura
By Aruna Jan 19, 2022 07:36 AM GMT
Report

ප්‍රධාන ආරක්ෂකගේ සිරුර ගණිතාගාර ගොඩනැගිල්ලෙන් හමුවෙයි පානදුර රාජකීය විදුහලේ ප්‍රධාන ආරක්ෂක නියාමකවරයාගේ සිරුර විදුහලේ ගණිතාගාර ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද (19දා) උදෑසන හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

උදෑසන ක්‍රීඩා පුහුණුවීම් සඳහා විදුහලට පැමිණ ඇති සිසුන් පිරිසක් එම සිරුර දැක ඇති අතර , පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර , වත්තල්පොල , කුරුප්පු මාවතේ පදිංචිව සිටි ලේකම්ගේ පියතිස්ස නැමැති අය බවට පොලිසිය හදුනාගෙන ඇති අතර ඔහු 2014 වර්ෂයේ දී සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බවද පොලිසිය පැවසුවා.

පානදුර කොට්ඨාස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now