පාපතර මවක් තම පුංචි දියණියට සිදුකල අහස පොළව නුහුලන අපරාධය..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 04, 2023 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 මෙම අපරාධය සිදුවන්නේ හලාවත උඩප්පුව කට්ටකාඩු ප්‍රදේශයේ පිහිටි ඉස්සන් අභිජනනය කරන ස්ථානයකදීය. එහි සවිකර තිබූ CCTV කැමරාවල ඉකුත් 02 වනදා එම සංවේදී සිදුවීම පටිගතවී තිබුණි. ඉස්සන් කොටුවේ ජලය පිරුණු ටැංකිය අසල එහෙමෙහෙ ඇවිද යන අවුරුදු එකහමාරක් වයසැති තෙනුලි ඔයානා නම් දැරියව මව විසින් ඉස්සන් කොටුවේ ටැංකිය තුළට තල්ලුකර දමා තිබුණි.

ඉන් පසු දැරියගේ මව දිවගොස් තවත් පුද්ගලයෙකු රැගෙන පැමිණෙන ආකාරයත් ඔහු විසින් දැරිය ගොඩට ගන්නා ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන්වී තිබේ. ක්ෂණිකව ක්‍රියාත්මක වූ සේවකයින් දැරිය මුන්දලම රෝහල වෙත ඇතුළත් කළ අතර පසුව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණි. මේ වනවිට ඇයව ජීවිත අවධානමෙන් මුදාගන්න රෝහලේ වෛද්‍යවරුන් සමත්වී ඇත. 

 තම දියණිය ඉස්සන් කොටුවේ ටැංකිය තුළට වැටුණු බව පවසා ඇයගේ මව උදව් ඉල්ලා ඇති අතර පසුව ඒ පිළිබඳව සැක සිතූ සේවකයින් එහි සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සත්‍ය හෙළිවී තිබුණි. ඒ අනුව දැරියගේ මව උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

බීමත්ව පැමිණෙන තම ස්වාමියාගේ කරදර ඉවසා ගත නොහැකිව දැරිය මෙලෙස මරා දමා පසුව තමාද සියදිවි හානි කරගැනීමට තීරණය කළ බව දැරියගේ මව පොලීසිය වෙත පවසා තිබේ.

මෙවැනි අවාසනාවන්ත පුවත් බොහොමයක් ගෙවුණු සති කිහිපය තුළ අසන්නට සහ දකින්නට ලැබුණි. පවුල් ආරවුලක් මුල් කරගිනිමින් අරණායක පොල්අඹේගොඩ ප්‍රදේශයේ පදිංචි පියෙක් අම්බලමක් තුළ සිය දරුවන් දෙනොව ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගත්තේ පසුගිය පෙබරවාරි 6 වනදාය

. ඒ අතරේ වයස අවුරුදු 7ක සහ අවුරුද්දක් වයසැති තම දරුවන් දෙදෙනා ළිඳට දමා පසුව ඔවුන්ගේ සිරුරු තේ වත්තක සඟවා මවද වස පානය කළ පුවත්ක් පෙබරවාරි 19 වනදා රත්නපුරෙන් වාර්තා විය. එසේම වයස අවුරුදු 1 1/2ක් වූ සිය දියණිය සහ නව හැවිරිදි පුතු බෙන්තර පාලම මත තබා ගඟට පැන දිවි හානි කර ගැනීමට කාන්තාවක් උත්සාහ කළේ පසුගිය පෙබරවාරි 27වනදාය.(උපුටගනිමක්)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now