ආදරය විහිළුවක් වූ කොමාන්ඩෝ සෙබළෙක් පෙම්වතියට වට්ස්ඇප් වීඩියෝවක් යවා මිය යයි..

Sri Lanka Accident
By Aruna Aug 18, 2022 12:49 AM GMT
Report

ආදරය විහිළුවක් කරගත් තම පෙම්වතියගේ හැසිරීම් රටාව නිසා සිත් තැවුලට පත් 21 හැවිරිදි යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකු තම නිවසේදීම ගෙල වැළලාගෙන මියගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ජාඇල, ඒකල, මඩම වත්තේ පදිංචි අයෙකි.

අදාළ තරුණයා ප්‍රදේශයේම තරුණියක සමග පෙමින් වෙළී සිට ඇති අතර තමා සමග පැවැත්වූ ඇගේ ආදරය විහිළුවට පවත්වාගෙන ගිය එකක් බව ආරංචි වීමෙන් බලවත් ලෙස සිත් වේදනාවට පත්ව ගෙළ වැළලා ගැනීමට පැය 3 කට ප්‍රථම ලණුවක් දවටාගෙන තමා සියදිවි නසා ගැනීමට සූදානම් වන බව වීඩියෝ කොට තම පෙම්වතියට වට්ස්ඇප් මාර්ගයෙන් යවා ඇති බවද, ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එය අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. ඩී. රත්නායක මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. එස්. දිසානායක සහ පො.කො. අමිල ශානක (12171) යන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරණු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now