වෙළඳසැල් පෙළක් ගිනි ගනී

By Sewvandhi Feb 20, 2022 07:39 AM GMT
Report

උඩපුස්සැල්ලාව නගරයේ තාවකාලික වෙළඳසැල් පෙළකට ඊයේ (19) රාත්‍රියේ හටගත් ගින්නකින් හානි සිදුව තිබෙනවා.

මෙම ගින්නෙන් රෙදිපිළි සහ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැල් හතක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගැනීම සිදුව ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.