වසරක් පුරා දරුණු සාගතයකින් පෙළෙන සුඩාන වැසියන්ගේ කතාව.(PHOTOS)

Financial crisis The Warriorr Sudan
By Sithumini Jun 29, 2024 02:26 PM GMT
Sithumini

Sithumini

in ලෝකය
Report


2023 අප්‍රේල් 15 වනදා ආරම්භ වූ සුඩානයේ ආරම්භ වූ ආණ්ඩුවේ ප්‍රතිවාදි කණ්ඩායම් දෙකක් අතර ඇතුව තිබෙන සිවිල් යුද්ධය තවමත් වසරකට ආසන්න කාලයක් පැවතෙනවා.

කොන්සර්වේටිව් ඇස්තමේන්තු පවසන්නේ ගැටුමෙන් අවම වශයෙන් පුද්ගලයින් 15,500 ක් මිය ගොස් ඇති අතර සමහර ඇස්තමේන්තු අනුව 150,000 ක් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් එරට ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව සිටිනවා. එහි ප්‍රධානතම කාරණය වන්නේ සුඩාන වැසියන් මේ වන විට මුහුණ දෙමින් සිටින දරුණු සුඩාන සාගතයයි. මේ හේතුවෙන් දරුණු ආර්ථික ආගාදයක් එරට තුළ නිර්මාණය වී තිබෙනවා.

ඇතැම් සුඩාන වැසියන් මේ වන විට සිය කුස ගින්න නිවා ගැනීම සදහා පස් හා කොල ආහාරයට ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උග්‍රවන ගැටුම්, මහා පරිමාණ අවතැන්වීම්, ආර්ථික අර්බුදයක් සහ සෞඛ්‍ය සේවාවල ආසන්න බිඳවැටීමක් හේතුවෙන් මේ වසරේ සුඩානය ජාත්‍යන්තර ගලවාගැනීමේ හදිසි නිරීක්ෂණ කමිටු ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නවා.

ඒ අනුව ලොව විශාලතම සාගතයක් ලෙස විදෙස් මාධ්‍ය කැළඹී ඇති සුඩාන අර්බුදය එරටින් වාර්තා වී ඇති දරුණුම අර්බුදය ලෙසද සැලකෙනවා.