ගැටුම්වලින් පනහකට අධික පිරිසක් ජීවිතක්ෂයට(විදෙස්)

Sudan
By Sewvandhi Apr 16, 2023 09:03 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  සුඩාන හමුදා සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර අගනුවර ඇතුළු නගර රැසක පවතින ගැටුම්වලින් 50කට වැඩි පිරිසක් මියගොස් 600 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

පැරාමිලිටරි හමුදා ප්‍රකාශ කරන්නේ, කාර්ටූම් අගනුවර දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් පවතින අතර ජනාධිපති මන්දිරයේ බලය තමන් අතට පත්ව ඇති බවයි.

එමෙන්ම ඔවුන් පවසන්නේ, රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ සහ හමුදා මූලස්ථානයේ බලයද, ඩාෆූර් හි හමුදා ගුවන් තොටුපළක බලයද තමන් සතු බවය.

වත්මන් සුඩානයේ පාලන බලය උසුලන්නේ සූඩාන ස්වෛරී කවුන්සිල රජය මගිනි. දෙවසර සැලැස්මක් යටතේ, රටේ පාලනය සිවිල් රජයක් වෙත පැවරීමට හමුදාව සලකා බලමින් සිටී. පැරාමිලිටරි කණ්ඩායම් ඊට විරුද්ධ අතර මේ නිවේදනය සැලවීමත් සමග ඔවුන් සටන් ආරම්භ කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now