පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
Sri Lanka
By Sewvandhi
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බවයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ, 2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන්ට මේ සඳහා අයදුම්කළ හැකි බවත්, ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත්ය.
අයදුම්පත් http://www.studentloans.mohe.gov.lk් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව පවසන එම අමාත්‍යංශය 0703555970 සිට 79 දක්වා දුරකථන අංක අමතා වැඩි විස්තර ලබාගත හැකි බව ද සඳහන් කරයි.