ඩෙංගු අවදානම හේතුවෙන් පාසල් සිසුන්ට අත් පා ආවරණය වන ඇඳුම් ඇඳීමට අවසර
Dengue Prevalence in Sri Lanka
Latest Headlines
schools
Sinhala news
Puwath.lk
By R.rishma
ඩෙංගු මර්දනයේ පියවරක් ලෙස මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ බව දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, පාසල් සිසුන් අතර ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් සියලුම පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී ඒ පිළිබඳ නිල උපදෙස් නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ශක භාවිත කිරීම පිළිබඳවද සිසුන් දැනුවත් කරන ලෙස අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.