දික්වැල්ලේ ඔරුවක් පෙරළි සිදුවූ දේ..පාසල් සිසුවියකුත් දියේ ගිලී මියයයි..
දික්වැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකු ඔරුව පෙරළී අතුරුදන්ව තිබෙනවා. දික්වැල්ල පොලීසිය සඳහන් කරන්නේ,ඊයේ (21) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවත්, මොහු සමඟ සිටි තවත් ධීවරයෙකු ඔරුව පෙරළුණ අවස්ථාවේ පිහිනා ගොඩට පැමිණ ඇති බවයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ඔරුව පෙරළී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 64 හැවිරිදි කොරටුව - බතීගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර,මුන්දලම - ජුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක් වූ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට සිටී පාසල් ශිෂ්‍යාවක් බවයි පැවසෙන්නේ.
ඇය මිතුරියන් සිව් දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තණියක සමඟ ජුලිච්චාකුලම වැවේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මුන්දලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |