මොනරාගල පාසලකදී සිසුන් 60කට ප්‍රහාරයක්..වහාම සිසුන් සහ ගුරුවරුන් රෝහල් ගත කෙරේ..
Accident
Monaragala
School student
Babara attack
By Aruna
මොණරාගල - ඇතිමලේ මහා විද්‍යාලයේ සිසුන් හැට දෙදෙනෙකු සහ ගුරුවරුන් තුන්දෙනෙකු බඹර ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව වාර්තා වනවා.
අද පෙරවරුවේ පාසලේ පිහිටි බඹර කූඩුවක් කඩාවැටීමෙන් ඔවුන් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
තුවාල ලැබූවන් මේ වනවිට ඇතිමලේ ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පාසලේ විදුහල්පතිවරයා ද ඒ අතර සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් කිසිවෙකු මේ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |