ඔක්තෝබර් - දෙසැම්බර් අතර අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්
Department of Meteorology
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර පුරෝකථන ආයතන විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව මෙම තත්ත්වය පැහැදිලි වන බවයි.
එල්නිනෝ තත්ත්වයේ බලපෑම් මේ වන විටත් මෙරට කාලගුණ රටාවට බලපෑම් කිරීමට ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව, නිරිත දිග මෝසම් වර්ෂාපතනය අඩුවීම සහ ශරීරයට දැනෙන උෂ්ණත්වය ඉහළ යාම වැනි තත්ත්වයන් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.