මෙරට පොලිස් ස්ථානයකට ගල් ප්‍රහාරයක් - ඇමතිවරයෙකුගේ නමකුත් කියවෙයි..

Gampola police station Pussallava perattasi stone attack
By Sewvandhi Feb 27, 2022 09:24 AM GMT
Report

ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් පුස්සැල්ලාව පෙරට්ටාසි පොලිස් ස්ථානයට කිසියම් පිරිසක් අද අලුයම එකට පමණ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි .

මෙම ප්‍රහාරයෙන් පොලිස් ස්ථානයේ නාම පුවරුවට හානි සිදුවී ඇති අතර වහලයට ද ගල් ප්‍රහාර එල්ල වී තිබේ . පෙරට්ටාසි ප්‍රදේශය නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම් වන අතර එය ගම්පල පුස්සැල්ලාව නගරයේ සිට කිලෝ මීටර් විස්සක් පමණ දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇත .

මෙම ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩ පැවැත්වීම හා සාමකාමී ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින් මෙම පොලිස් ස්ථාන පිහිටවූ බවද උසස් නිළධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට වතු ජනතාව නියෝජනය කරන රජයේ ඇමතිවරයෙකුගේ නමක් කියවෙන අතර ඒ පිළිබඳව විමසීමට එම ඇමැතිවරයාට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එයට ප්‍රතිචාරයක් නොලැබුණි. 

ෙම ප්‍රාදේශීය මන්ත්‍රීවරු දෙදෙනකු විසින් මෙවර නිදහස් උත්සවය වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පොල් පැල රෝපණය කර ඇති අතර ඒවා වතු පාලකයන් ගලවා දමා ඇත.

ඒ පිළිබඳව මෙම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි මෙවර පැවැත්වූ කොත්මලේ ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ද එම මන්ත්‍රීවරුන් කතා කර ඇතැයි ද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now