කොටස් වෙළෙඳපොළ ඒකක හදිසියේම ඉහළට. - ආයෝජකයින්ගේ වැඩි උනන්දුව ගියේ මෙන්න මේ තැන් වලට.

Businessman Sri Lanka Market Stock Market Sri Lanka Banks
By Wayomi May 23, 2024 12:35 PM GMT
Report

ඊයේ (22) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.87 ක හෙවත් 1.08% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,348.84 ක් ලෙසින් වාර්තා වී තිබුනා.

එහිදී S&P SL20 දර්ශකය ද දිනය තුළ ඒකක 58.18 ක් හෙවත් 1.61% කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 3,666.89 ක් ලෙසින් සටහන් වී තිබූ අතර රු. බිලියන 1.46 ක ගනුදෙනු පිරිවැටුමක් ද අද දින වාර්තා තිබෙනවා .

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.41 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.35 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 49 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 106 ක් ලෙසින් සටහන්ව ඇත.

තවත් සුබ ආරංචියක්. - රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් වැඩිවීමක්.

තවත් සුබ ආරංචියක්. - රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් වැඩිවීමක්.


ඊයේ(22) දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, NDB බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් වැඩි දායකත්වයක් ලැබී තිබුණි.

ඒ, අනුව දිනයේ සාමාන්‍ය ගනුදෙනු හරහා පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 147), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (රු. මිලියන 98) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 80) යන සමාගම් සමත්විය.


Gallery