මාලයක් සෑදීමට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවට සිදුවූ දේ - වාර්තා වන අපූරු පුවත..

United States of America
By Sewvandhi 2 years ago
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

අමෙරිකාවේ Paul International Airport හි රේගු සහ දේශසීමා මුර සංචාරක නිලධාරීන්ගේ භාරයට, මාලයක් සැදීමට බව පවසමින් කෙන්යාවේ සිට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවක් ගෙන තිබෙනවා.

තමා කෙන්යාවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී මෙම අසූචි ලබා ගත් අතර ඒවා ස්වර්ණාභරණ සෑදීමට ගෙනා බවයි, කාන්තාව ප්‍රකාශ කළේ.

ඇය ස්වර්ණාභරණ සෑදීම සඳහා සත්ත්ව අසූචි භාවිතා කරන පළමු අවස්ථාව මෙය නොවන බවද එම නිලධාරීන්ට පවසා තිබෙනවා.

අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය අනුව, ජිරාෆ් අසූචි ගෙන steam sterilisation හෙවත් වාෂ්ප මගින් අසූචි විනාශ කර තිබෙනවා.

අමෙරිකාවේ රේගු සහ දේශසීමා මුර සංචාරකන්ගේ Chicago ප්‍රාන්තයේ ක්ෂේත්‍ර අධ්‍යක්ෂ LaFonda D. Sutton-Burke මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රට තුළට වෙනත් රටකින් අසූචි වැනි දෑ ගෙන ඒම ඉතා අනතුරුදායක බවයි.

එවැනි සත්ත්ව අපද්‍රව්‍ය මෙරටට ඇතුළු කිරීම සඳහා බලපත්‍රයක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ කාන්තාව සිදුවීම සම්බන්ධයෙන් සත්‍යය තොරතුරු ලබා දුන් නිසා ඇයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවයි.