තෙවන විශාලතම භූ කම්පනයෙන් ලිබර්ටි ප්රතිමාව දෙදරයි. - (VIDEO)
United States of America
Earthquake
By Wayomi
ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණු බවයි වාර්තා වන්නේ.
අනතුරුව කම්පන 11 ක් ද හට ගෙන ඇති අතර ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය බව සඳහන්.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි සිදුව නොමැති නමුත් ඉන් නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ පිහිටි ලිබර්ටි ප්රතිමාව දෙදරා ගිය බවයි වාර්තා වන්නේ.