ජල බිල්පත නොගෙව්ව මැති ඇමතිවරු කවුද..? ඇමති වාසු සියල්ල හෙළිකරයි..

Sri Lanka parliament Ministers Water bill Wasudeva Nanayakkara
By Sewvandhi Feb 03, 2022 03:00 AM GMT
Report

රුපියල් කෝටියකට වැඩි ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි කියන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිටත් විශාල වශයෙන් හිඟ ජල බිල්පත් නොගෙවා ඇති මැති ඇමතිවරුන් සිටින බවත්, මණ්ඩලයෙන් දැනුම් දී ඇතත්, කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now