පොලිසියේ හැසිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 13, 2022 06:41 AM GMT
Report

ශ්‍රී ලංකා පොලීසියේ හැසිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඊයේ (12) දිනයේ දී ස්ථාන තුනක සිදු වූ විරෝධතා පොලිසිය විසින් මැඩලූ ආකාරය ඉතාමත් නින්දිත බව ඔහු එමගින් පේනවා දෙයි.

මෙහි උච්චතම අවස්ථාව වන්නේ කළුතර සිට කොළඹට පා ගමනින් විරෝධතා දක්වමින් පැමිණි කාන්තාවන් දෙදෙනකු සහ ඔවුන්ට සහාය පළකර සිටි පිරිස්අත් අඩංගුවට ගැනීම බව එහි සඳහන් වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස්කරන ලෙස ඉල්ලමින් එම කාන්තාවන් දෙදෙනා සිය විරෝධතා පා ගමන සිදු කර තිබුණු අතර ජ්‍යේෂ්ඨ පොලිස්නිලධාරියෙකු විසින් පොලිස්කොස්තාපල්වරියකගේ ගෙලෙන් දැඩිව අල්ලා ඇයව හිංසනයට ලක් කරන ආකාරයක් දැක්වෙන පින්තූරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එය ද උපුටා දක්වමින් ඒ මහතා මෙම විරෝධය පල කර තිබූණේ.

එම සිදුවීම සහිත විඩියෝව පහතින් නරඹන්න,