හදිසියේම ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(VIDEO)

economic Politics Matara Sartha Fonseka Maithri Pala Sirisena
By Sewvandhi Jan 30, 2022 08:32 AM GMT
Report

වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අවලංගු කිරීම මූලික කරගෙන, යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) හෙළිදරව්වක් කළා.

ඒ මාතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

එක මිනිහෙකුට වැසිකිළියකට යන්න. මේ මං කියන්නේ දේශපාලනඥයෝ, මුදල් නාස්තිකරපු ආකාරය දැන් මේ ගිවිසුම අවලංගු කරන්න ගියා අපේ රජයෙන්. අපේ නෙවෙයි මං කැමති නැහැ අපේ කියන්න යහපාලන රජයෙන්. දැන් යහපාලන රජයේ, ඒ අංශය භාරව එක මිනිහෙක් හිටියා ප්‍රබලයෙක්, ගිවිසුම ඩොලර් 200 මිලියන රුපියල්නම් 250 න් වැඩි කරන්න ඕනේ.

එක අවලංගු කරන්න අපිට වන්දියක් ගෙවන්න සිද්ධ වුණා ඩොලර් මිලියන 150 ක පමණ අපේ හිටපු එවුන් අපේ ආණ්ඩුවේ, ගෙවන වන්දියෙන් මිලියන 20 ක් සාක්කුවේ දාගත්තා. එතකොට මොකක්ද වෙනම එක යහපාලනයක්ද. ඒ වාගේ අය අපේ ආණ්ඩුවෙන් ඈත් කළා. එතකොට එහෙමනම්, උනුත් එකයි මුනුත් එකයි කියන එක සම්පූර්ණ ඇත්ත.

මේ හැම ආණ්ඩුවේම සිද්ධ වෙලා තියෙන්නේ, ඈත අතිතයේ හොරකම් නොකරපු අය ඉදලා තියෙනවා, ඩග්ලි හොරකම් කළේ නැහැ, ඩී.එස්. හොරකම් කළේ නැහැ, සිරිමාවොත් හොරකම් කළේ නැති වෙන්න පුළුවන්, හැබැයි ඒ ගොල්ලොත්, අපේ ආර්ථීකය ගොඩනැගුවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ අය ඒ කාලේ ආර්ථීකය ගොඩනැගුවානම්, අපිත් ඉන්න එපෑයැ පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා. නමුත් පොදුවේ රටක් හැටියට සමස්ථයෙන්, ඉදිරියට යන්න අවශ්‍ය තල්ලුව මේ රටට කවදාක්වත් හම්බවුනේ නැහැ.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now