මෛත්‍රී සමග එකතු වෙනවා ද? - සජබයෙන් තීරණාත්මක පිළිතුරක් (VIDEO)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නැවත එකතුවීමක් ගැන එක් වතාවක් නොව දස වතාවක් සිතිය යුතු බව සමගි ජන බලවේගය පවසයි.
අද (04) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ බව පැවසීය. ඒ මාධ්‍යවේදියෙකු සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රශ්නය - "හිටපු ජනාධිපතිවරයා ආයෙත් සමගි ජන බලවේගයත් සමග එකතු වෙන්න ආවොත් පිළිගන්නවා ද?"
රංජිත් මද්දුමබණ්ඩාර - "එක සැරයක් නෙමෙයි දහ සැරයක් ඒ ගැන හිතන්න වෙනවා. හිතලා බලලා නේ ඒ ගැන තීරණයක් ගන්නේ. අපි මේ ගමන යන්නේ පිරිසිදු පුද්ගලයින් සමග පමණයි. ජනතාව වඩාත්ම හොඳ කණ්ඩායම තෝර ගනී."
"ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා ආණ්ඩුවේම කොටසක් අද කියනවා. ආණ්ඩුව ගෙදර යවන්න සහ රට බේරගන්න පිරිසකට සමගි ජන බලවේගය ආරාධනා කරනවා.. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. සාකච්ඡා යන සියල්ලම හෙළි කරන්නත් බෑ නේ."
රට බේරාගැනීමේ ආරම්භ හෙවත් 'නොනවතින රැල්ල' මාර්තු 15 වනදා සවස 2ට කොළඹින් ආරම්භ කරන බවද සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ )
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |