විශේෂ කැබිනට් හමුවේදි ඉන්ධන මිල ගැන ගත් තීරණය මෙන්න
ඉන්ධන සැපයුම නොකඩවා සිදුකරන ලෙස අද (22) පැවති විශේෂ කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා නියෝග කර තිබේ. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් නොගත් බවය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල රජය විසින් පියවා දැමීමට අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කෙරුණු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ කැඳවනු ලැබුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමටය. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
"ඉන්ධන අඛණ්ඩව සපයන්න අවශ්‍ය පියවර ගන්න කියන එක ගැන තමයි සාකච්ඡා වුණේ. තෙල් මිල වැඩි කරන්නෙත් නැතිව ඉන්ධන අඛණ්ඩව ලබාදෙන්න. අද තිබෙන ඉන්ධන නැව සඳහා මේ වේලාවේදීම මුදල් දුන්නා. ඒ වගේම ඉදිරියේදීත් ඉන්ධන හිඟයකින් තොරව ලබදෙන්න අපි කවුරුත් සාකච්ඡා කළා. "සියලුම ඉන්ධන නෞකා නිදහස් කරගන්න අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, ඩොලර් ලබාදෙන්න දැන් සාකච්ඡාවේදී එකඟතාවය පළ වුණා."
"ඉන්ධන මිල වැඩිවීමක් මේ අවස්ථාවේදී සිදුවෙන්නේ නැහැ. ජාත්‍යාන්තර වෙළෙඳපොළේ වැඩිම මිලකට වැඩිවෙලා තියෙනවා. ඩොලර් 99ක් විතර ගිහිල්ලා තියෙනවා. නමුත් රජය මේ වෙලාවේ කල්පනා කරන්නේ, අපි සියලු දෙනාත් සාකච්ඡා කළේ ජනතාවගේ තියන ප්‍රශ්න දිහා බලලා ඉන්ධන මිල තවදුරටත් මේ ආකාරයේ පවත්වාගෙන යන්න."
"විදුලිබල මණ්ඩලයෙන් එන්න තියෙන මුදල රජය ලබාදෙන්න එකඟවුණා ඛනිජ තෙල් සංස්ථාවට."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |