ඉන්ධන මිල වෙනස් වෙයි..? කැබිනට් ඇමතිගෙන් ප්‍රකාශයක්..!(VIDEO)

Petroleum Ramesh Pathirana cabinet meeting UdayaGammanpila
By Sewvandhi Feb 22, 2022 04:55 AM GMT
Report

ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය - නැවත වතාවක් තෙල් මිල ඉහළ යයි ද?

"දැනට පවතින තත්ත්වයන් යටතේ, ලෝක තෙල් මිල විශාල පරිවර්තනයකට පරිවර්තනය වෙමින් තියෙනවා. විශේෂයෙන්ම යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් තියෙනවා.

ඒ තත්ත්වය හරහා යම් පමණකට මෙම ආයතන දෙකම දැනටමත් විශාල පාඩුවක් විඳගෙන තමයි මේ ඉන්ධන ලබාදෙන්නේ කියන කාරණය ඔබ සියලුදෙනා දන්නවා.

යම් පමණකට එවැනි වෙනස්වීමක් සිදුවෙන්නත් ඉඩතියෙනවා. ඒ ගැන තීන්දුවක් අරගෙන නැහැ. නමුත් අපි විශ්වාස කරනවා නැවත මුදල් අඩුවීමක් සිදුවුවහොත් ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි දැඩි ලෙස ඉන්නවා"

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now