ඕනෑම අවශ්‍යතාවයක් සඳහා EPF අරමුදල ලබාගැනීමට හිමිකරුවන්ට අවස්ථාව..සියලු විස්තර මෙන්න..

EPF employee fond Nimal Siripala
By Sewvandhi Feb 22, 2022 04:57 PM GMT
Report

සේවක අර්ථසාධක අරමුදලෙන් 30%ක පූර්ව ප්‍රතිලාභ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා ලබාගැනීමට අර්ථසාධක හිමිකරුවන්ට අවස්ථාව සලසමින් එම පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කම්කරු උපදේශක සභා මාසික රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ වසර 10ක් අඛණ්ඩව සේවක අර්ථසාධක අරමුදලට දායක වූ හා රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි ශේෂයක් තම ගිණුමේ ඇති සාමාජිකයින්ට එම ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව පවතින බවය.

මෙතෙක් අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට 30%ක ප්‍රතිලාභය ලබාගත හැකි වූයේ නිවාස ඉදිකිරීම හෝ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීම යන කාරණා සඳහා පමණකි.

එමෙන්ම ඊට අදාළ ලිපි ලේඛන සකස් කිරීමේදී අයදුම්කරුවන්ට විශාල මුදලක් වැය වන බවට ද පැමිණිලි ලැබී තිබූ බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පෙන්වාදුනි.

ඒ අනුව, අදාළ පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, වාහන මිලදී ගැනීම් කටයුතු ඇතුළු සෙසු අවශ්‍යතා සඳහා ද 30% ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now