".කතා කරන්න බැරිනම් ඇමතිකමෙන් අස් වෙනවා.." ප්‍රබල අමාත්‍යවරයකුගෙන් සැර කතාවක්

Government Sri Lanka politics Nimal Lanza IMF
By Sewvandhi Jan 10, 2022 03:00 PM GMT
Report

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතුවක් වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සඳහන් කරනවා.

ජනතාව පෝලිම්වල රස්තියාදු වීම සිදු නොවිය යුතු දෙයක් බව ද පවසන ඔහු එවන් දේ දැක දැක නොදැක්කා සේ සිටිය නොහැකි බවයි කියා ඇත්තේ.

රජය විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවෙන්නේ පොදු මහ ජනතාවගේ හඬ බවත් එනිසා එම විවේචනයන්ට සාවධානව කන් දිය යුතු බවත් ඔහු පවසනවා.

මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත යා යුතු බව පවසන අමාත්‍යවරයා ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අනාගතයේ පාරට බැසීමට වත් බැරි තත්ත්වයක් මතු වනු ඇති බවද කියා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now