EPF ගැන විශේෂ හෙළිදරව්වක්..! EPF මුදලින් වෙනත් ව්‍යාපාර..?
මෙරට සේවක අර්ථසාධක අරමුදලට අතීතයේ සිදුවී ඇති බලපෑම් හෙළිදරව් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද (09) පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අතීත බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික විගණන සිදුකළ ඉන්දියාවේ BDO සමාගම සහ KPMG සමාගම 2019 නොවැම්බර් මස නිකුත් කළ වාර්තා 05 ක් මගින් ඒ බව අනාවරණය වී ඇති බවය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා, "මේ වාර්තා 5 ඉදිරිපත් කරලා තියෙන්නේ 2019 නොවැම්බර් 7,8 සහ 9. මේවා යට ගහලා තියෙන්නේ. අර්ථසාධක අරමුදල ගැන මේකෙ කියන ඒවා..
මම කෙටියෙන් කිව්වොත්.., අර්ථසාධක අරමුදල් අරගෙන එක්කො කොටස් වෙළෙඳපොළට දානවා. නැත්තම් බැඳුම්කරවලට දානවා."
"මෙතන බැඳුම්කරවලට දාපු ඒවා කියනවා..එක එක්කෙනාට ඕන විදිහට සල්ලි දාලා තියෙනවා. කමිටුවේ අනුමැතියත් නැතුව කියලා. මේ වාර්තාවල් 5ම යට ගහලා තියෙන්නේ."
"මේකේ කියනවා, අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග මේ ගැන හමුවක් ඉල්ලා තිබුණා නමුත් ඔහු ප්‍රතිචාර දැක්වුවේ නෑ කියලා."
මේ අතර සියයට 25ක විශේෂ අධිභාර බද්ද අය කෙරෙන කාණ්ඩයට සේවක අර්ථසාධක අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික ඇතුළු අරමුදල් ඇතුළත්කිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය අද ආරම්භ කර තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත යළිත් අමෙරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා පහතවැටීමත් සමග ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අබියස සිටින බවට මෑතක දී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නොමැති බවය.
අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් අත්කර ගැනීම් සහ එමගින් ජාත්‍යන්තර සංචිත ගොඩනැගීම තුළින් ස්වෛරීත්ව ණය කිසිදු බාධාවකින් හෝ පැහැර හැරීමකින් තොරව පියවීමට හැකි බවට රජයට සහතික විය හැකි නිසා,
එකී මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ආයෝජකයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව මහ බැංකුව අවධාරණය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |