හෙට දිනයේ (3/7) බස්රථ සීමිතයි - රාත්‍රී කාලයේ බස් රථ ධාවනය නොවන ලකුණු..
Sri Lanka
diesel
private bus
fuel crisis
Gamunu Vijerathna
By Sewvandhi
හෙට (07) දිනයේදී ධාවනය කරවීමට හැකියාව පවතින්නේද පෞද්ගලික බස් රථවලින් සියයට 25 හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා ධාවනය කරවීමට සිදුව ඇත්තේ පෞද්ගලික බස් රථ 4000 ත් 5000ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ
රාත්‍රී කාලයේදී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තත්වයක් පවතින බවද ඒ මහතා සදහන් කළා.
මේ අතර ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්රථවලට ඩීසල් ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඩීසල් ලබා ගත හැකි බවට නම් කරමින් ලංගම ඩිපෝ 50 ක් පැවැතියද ඊයේ දිනයේදී ඩීසල් ලැබී ඇත්තේ ලංගම ඩිපෝ තුනකින් පමණක් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |