Covid නිසා අහිමි වූ වසර 2ක නැවතත් ජනපතිට ලබා දීමට යෝජනාවක්..

parliament Gotabhaya Rajapaksha Dayana Gamage Mahinda Rajaoaksha Civid19
By Sewvandhi Jan 21, 2022 12:27 PM GMT
Report

කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ලබාදීමට යෝජනාවක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවාය.

ඒ සමගම පාර්ලිමේන්තුවේ කාලයද වසරකින් දෙකකින් දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ඇය සඳහන් කළාය. ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

කොවිඩ් නිසා අහිමි වූ කාලය තිබුණේ නම් සියලු අධිවේගී මාර්ග සාදා නිම කිරීමට හැකියාව තිබූ බවත් මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂවරුන් බවත් ඇය කීවාය.

"අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ" යැයිද ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය. කොවිඩ් අර්බුදය නිසා මුළු ලෝකයම ගැටළුවලට මුහුණදී සිටින බවත් එංගලන්තයේත් අද පෝලිම් පවතින බවත් ඇය සඳහන් කළාය. ඒ රටවලත් අද ආහාර හිඟයක් පවතින බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් කීවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now