චමුදිතට ඇමරිකා හා කැනඩා වීසා ලැබී අවසන්..චමුදිත මෙරට හැර යනවාද..?

America Canada visa Chamuditha home attack
By Sewvandhi Feb 16, 2022 06:09 PM GMT
Report

තමන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූයේ තමනට දේශපාලන රැුකවරණ ලබා රටින් පිට වී යාමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට යැයි ඇතැමුන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි. 

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට කලකට සිටම ඇමරිකා එක්සත් ජනපදයටත් කැනඩාවටත් ඇතුළු වීම වීසා බලපත්‍ර ලැබී තිබෙන බවයි. තමන් මෙන්ම තම පවුලටම කැනඩාවට ඇතුළු වීමට වීසා දැනටමත් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

 කෙසේ වෙතත් කිසිවෙකු මෙම පහරදිම පසුපස තමන් ඇතැයි සැක කරන්නේ නම් ඊට අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායම් වලට හැකියාවක් ඇතැයිද ඔහු පැවසීය.

ඒ සදහා සහායක් ලෙස තමන් සහ තම බිරිඳගේ ඇඟිලි ඇගිලි සලකුණු, ජංගම දුරකතන දත්තා සියල්ල පරීක්ෂණ කණ්ඩායම් වෙත ලබා දුන් බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් තමන් ශ‍්‍රී ලංකාව අතහැර වෙනත් රටක පදිංචියට යාමට කිසිදු සූදානමක් හෝ උවමනාක් නැතැයිද හෙතෙම තව දුරටත් සදහන් කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now