මගේ බලාපොරොත්තුව වාසු ඉල්ලා අස්වෙන එක..! බැසිල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්..
politics
Udaya Gammanpila
Basil Rajapaksha
Vasudewa nanayakkara
Vimal Weeeravansha
By Sewvandhi
ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම හා වාසුදේව නානායක්කාර අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකිරීම පිළිබඳව කරුණු දක්වා තිබෙනවා.
එහිදී බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ වාසු ඉවත් නොකළේ විමල් හා ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි යන අදහසින් බවයි.
කෙසේ වෙතත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඔවුන් ඉවත් වූවා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැති බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවන බවද පවසා ඇති බැසිල් රාජපක්ෂ ඉවසීමෙන් වැඩ කරන ලෙසත් අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගත හැකි බවත් තවදුරටත් සඳහන් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |