බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන අනුර කුමාරගෙන් විශේෂ හෙළිදරව්වක්..(VIDEO)

Bomb Ragama Boralla Anura Kumar Disanayake
By Sewvandhi Jan 15, 2022 06:35 AM GMT
Report

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බයක් රැගෙන ඒමේ සිදුවීම පිළිබඳ අනුර කුමාර දිසානයක විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. රාගම පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ, නිතැතින් ම එම සිදුවීම පසුපස දේශපාලන හස්තයක් ඇති බව යි.

සිදුවීමට අදාළ නො වන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනිමින්, පොලිසිය සිදු කරන්නේ, සත්‍යය වසන් කොට හැංඟිමුත්තන් සෙල්ලමක් බවට යි ඔහු ප්‍රකාශ කළේ.

වැළලී ගිය මෙරට සියලු අපරාධ පසුපස අදිසි දේශපාලන හස්තයක් හා රැකවරණයක් පවතින බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක, මෙම දේශපාලන අර්බුද සමඟ රට ගොඩ නැඟිය නො හැකි බව හෙළිදරව් කරනවා.

ඉන් මිදී නිවැරැදි දේශපාලන දැක්මක් සහිත දියුණු රාජ්‍යයක් ගොඩ නැඟිය හැක්කේ, නව පන්නයේ නිදහස් මහජන ව්‍යාපාරයක් තුළින් බවට යි ඔහු සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now