තවත් භාණ්ඩ 600ක බදු ඉහළට..? - මහ බැංකු අධිපති..

Parliament taxes Central bank Ajith Nivad Kabral
By Sewvandhi Feb 26, 2022 06:22 AM GMT
Report

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ එම සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ ලේඛනයක් ඉදිරිපත් කරමිනි. රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව එහි ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අනුව එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති බදු යම් පමණකින් හෝ වැඩිකිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත. අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල කරුණු අධ්‍යයනය කර ගෙන යන බව වාර්තා වේ.

මේ අතර තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now