සිංගප්පූරුවේ බැංකුවලින් සල්ලි සොරාගත්ත කල්ලිය අල්ලයි

Singapore
By Sewvandhi Jun 16, 2023 10:57 AM GMT
Report

සිංගප්පූරුවේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ජංගම දුරකතන ක්‍රියාකාරකම් සහ නව මෘදුකාංග නිර්මාණය කිරිමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බැංකු ගිණුම්වල මුරපද සොරාගැනීම, සයිබර් ප්‍රහාර එල්ල කිරීමට අදාළ ක්‍රියාකාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

සිදුකළ මුලික විමර්ශනවලදී එම සැකකරුවන් විසින් බැංකු ගිණුම්වලට ඇතුළු වී අනවසර ගනුදෙනු සිදුකර ඇති බවටද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.