උසස් පෙළ සිසුන්ට මෙවර අය වැයෙන් විශේෂ වාසියක් - ලැබෙන දේ මෙන්න
උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරන බව 2023 ඇයවැය ඉදිරිපත් කරමින් අද (නොවැ. 14) ජනාධිපතිවරයා පැවසීය.
එමෙන් ම, විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75 දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙන බව ද ඔහු සඳහන් කළේ ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යටතේ ද නව වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක් වෙන් කරන බව ය.
ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවන බ වත් ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරන බව ත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මේ අතර, රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතු බව ත් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම අභියෝගයක් වී ඇති බව ත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
එම නිසා ගැළපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ඔහු පැවසීය. බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කරන අතර ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |