අර්බුද මැද රෝහල් වැසෙයි...

Power cut Mathara Gagana news Kuburugamuwa hospital
By Subodha Apr 09, 2022 10:19 AM GMT
Report

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින දරුණු ආර්ථික අර්බුදය හමුවේ රෝහල් පවා වැසී යන තත්වයකට පත්ව තිබේ.

මෙලෙස වසා දමා ඇත්තේ මාතර කඹුරුගමුව මූලික රෝහලයි.

එම රෝහල වසා දමා ඇත්තේ විදුලිය විසන්දි වූවිට විදුලිය ලබා ගැනීමට ඇති විදුලි ජනන යන්ත්‍රය සඳහා යෙදීමට අවශ්‍ය ඩීසල් නොමැතිවීම නිසාය.

විදුලිය විසන්දි වූ විට ඖෂධ වර්ග ගබඩා කර ඇති ශිතකරණ අක්‍රිය වීම නිසා බෙහෙත් වර්ග විනාශ වීම, ඔක්සිජන් සැපයීමට අවශ්‍ය රෝගීන් සඳහා එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම, මුළුතැන්ගෙයි කටයුතු අඩාල වීම, පවිත්‍රතා කටයුතු අඩාල වීම ආදී බාධා රැසක් මතුව ඇතැයි වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

join now