ලංකාව තවත් පහතට වැටේ.. සිදුවූ භයානක තත්වය මෙන්න..

By Sithumi Apr 24, 2022 01:05 PM GMT
Report

ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම නැවැත්වීමට ගත් තීරණය නිසා මූඩිස් ආයෝජක සේවාවන් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීය ණය ශ්‍රේණිගත කිරීම් CA – 02 සිට CA දක්වා පහත හෙලා තිබෙන්නේ යැයිද මේ තත්ත්වය මත රට ඉතා භයානක තැනකට තල්ලු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද(24) පැවසීය. 

බංකොලොත්ත ත්ත්වයට පත්කර තිබෙන රට නැවත ගොඩගෙන ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උදාකර දිය හැකි වැඩපිළිවෙලක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සතුව බව කී අබෙිවර්ධන මහතා එජාප නායකයාගේ හැකියාවෙන් රටට ප්‍රයෝජනයක් අත්කර දීම සඳහා සියලු පාර්ශව එකමුතුව සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන විසඳුම් සෙවිය යුතු කාලය උදා වී තිබෙන බවද සඳහන් කළේය.

ස්වෛරීය ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීමට ආසන්නතම හේතුව රජය විසින් විදෙස් ණය ගෙවීම නැවැත්වීමට ගත් තීරණය බව කී ⁣එජාප සභාපතිවරයා රජය ගත් ණය ගෙවීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් 18 වැනිදා බවත් ජාත්‍යන්තර බැදුම්කර ගෙවීමක් එදින ගෙවීමට නියමිතව තිබූ බවත් පැවසීය.