මෙරට ආර්ථිකයේ සිදුවූ අපි හැමෝටම බලපාන කාරණය...

Sri Lanka Economic Crisis Sri Lanka Inflation Economy of Sri Lanka
By Sithumini Jun 28, 2024 02:50 PM GMT
Report


උද්ධමනය යනු මෙරට ආර්ථිකයේ ප්‍රබල වෙනසක් සිදුකළ කාරණයක්. මෙය අතීතයේ සිටම අපට විටින් විට බලපෑ කාරණයක්. යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනයයි.

තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ, දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයක්.

අද උද්ධමනයේ සිදුවු වෙනසක් පිළිබදව ජන හා සංඛ්‍යා ලේඛන දේපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතයයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024  ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන්ම ඊට අදාලව2024  ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇති අතර  2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසයි.

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වුණා.