මහබැංකු අධිපති විශේෂ පණිවුඩයක් නිකුත් කරයි...

Gagana news Central bank Governor Nandalal Weerasinghe Sri lankan central bank
By Subodha Apr 10, 2022 07:48 AM GMT
Report

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ .

එහි දැක්වෙන්නේ , මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම පිළිබඳ තමා ඉමහත් සතුටට පත්වෙන බවය.

ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑමවිටම ඉතාස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමය භාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇති බව ද නන්දලාල් වීරසිංහ මහතා නිකුත් කළ පණිවුඩයේ වැ ඩිදුරටත් දැ ක්වේ .

ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තමා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස තමාටත් ලබා ගැනීමට බලාපොරො ත්තු වෙන බව ද නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now