දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්..
By Sithumini
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණයි.
කෙසේවෙතත් නොසිතූ ලෙස ඉන්දියාව මෙම පරාජය ලැබුවේ ඔවුන් පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී.
තරගයේ අවිනිශ්චිත බව මෙහිදි මනාව පිළිබිඹු කළා.