මත්පැන් ජාවාරම් කළ කාන්තාවජ් මත්පැන් සහ ගංජා සමග අල්ලාගනියි..

By Sithumi Jun 29, 2023 05:18 PM GMT
Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කඩුවෙල ප්‍රදේශයේ අංක 181/4/3 වැලිවිට පාර, මාළඹේ ලිපිනයේ පදිංචි මහා පරිමාණ නීති විරෝධී මත් පැන් ජාවාරම් කළ   වයස අවුරුදු 39 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 අත්අඩංගුවට ගැනීමේදී සැකකාරිය සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 652 500ක් ද, ගංජා මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 520 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.