සිතාගත නොහැකි ලෙස දිනපතා ඇහෙන අනාරක්ෂිට්ග මරණ.. ඔබත් පරිස්සමෙන්

Badulla Sri Lanka
By Sithumi Jun 18, 2023 10:25 AM GMT
Report

   මේ දිනවල දේශිය සංචාරකයින් බහුල වශයෙන් පාලු කදු මුදුන්වල මෙන්ම දියඇලි ඉහල බෑවුම් සහිත සුන්දර ස්ථානවල රාත්‍රි කූඩාරම් ගැසීම සිදු කරනවා. 

 එහිදි ප්‍රමුඛතාවය ගන්නේ ඌව පළාතයි ,එලෙස අනාරක්ෂිත ලෙස පැමින උඩදියලුම දී පසු ගියදා තරුණියක් මිය ගියා. එලෙසම හල්දුම්මුල්ල දි ඊයේ දහවල් කැම්පස් සිසුවෙක් ලංකාව උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ ඉහල කොටසට ගමන් කිරීමේදී ඇද වැටී මිය ගියා ,

එහි මරනය වෙත ලගාවීමටත් එය රැගෙන ඒමටත් දැඩි පරිශ්‍රමයක් දැරීමට දිදුවූයේ එහි අනාරක්ෂිත බව නිසාමයි නමුත් එම සිරුර රැගෙන එන අවස්ථාවේ දිත් තරුණියක් සහා තරුණයන් දෙදෙනෙක් රාත්‍රි එම දුෂ්කර ස්ථානයට යන අතර තුර හල්දුම්මුල්ල පොලිස් නිළධාරීන් අවවාද නොසලකා ගමන් කරනු දක්නට ලැබුනා .

ඊයේ දහවල් හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ඉහල කොට⁣ස නැරඹීමට ගිය බෙලිහුල්ඔය පබහින්න ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකු අතුරින් එක් තරුණයකු දියඇල්ලට ඉහලින් ඇති කුඩා දියඇල්ලකින් වැටී මිය ගොස් තිබේ ,

යහලුවන් පවසන ආකාරයට ඔහුන්ට පිටුපසින් පැමිනි මිතුරා අධික බෑවුම් සහිත මාර්ගයේ න්වැටී පෙරලි ඇවිත් දියඇල්ලට වැටෙන්නට ඇතැයි පවසයි ,, මිය ගිය තරුණයා 25 හැවිරිදි ශෂික විකුම් විතාරන නැමති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ තුන්වන වසර සිසුවෙකි , ඔහුගේ සිරුර මේ වන විට මරන පරීක්ෂනය සඳහා දියතලාව මූලික රෝහලේ තබා තිබේ