ඔබේ දරුවාත් අනතුරේ..? මත්ද්‍රව්‍ය සහිත ටොෆී සහ ලොලිපොප්

Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Nov 29, 2022 04:28 PM GMT
Report

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබෙනවා කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකර තිබුණා.