හදිසියේම මෙරට සම්මත වූ පනත..
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා. ඒ විවාදයෙන් අනතුරුවයි.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද මින් පෙර සිටම විවිධ විවේචන එල්ලවෙමින් පැවති කාලයකදි. විශේෂයෙන්ම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණා.
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවූ අතර ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා ඉඩ ප්‍රස්ථාව මෙම සංශෝධනය මගින් සලසා දී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පෙන්වා දෙනවා.