ජනපති සහ ශ්‍රීලනිප අතර සාකච්චාවට පොහොට්ටු නායකයන්ද එයි… ඉදිරියේදි රටේ ලොකු වෙනසක්..

politics Srilankan Political news
By Sithumi Mar 08, 2022 03:08 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු 15ක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය,

පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සාරතී දුෂ්මන්ත, ශාන් විජයලාල් ද සිල්වා, චාමර සම්පත්, සුරේන් රාඝවන් යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ. – ජනාධිපති මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now