පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික ගැටලු සුවපත් කරන මොකක්ද මේ නව වෙබ් අඩවිය..

Sri Lanka
By Sithumi Dec 06, 2022 02:05 PM GMT
Report

පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය වෙනුවෙන් නව වෙබ් අඩවියක් ආරම්භ කළ බව JW.ORG සංවිධානය සඳහන් කරනවා.

එම සංවිධානය පවසන්නේ පාසල තුළ සහ සරසවි බිමෙහි සිදුවන කායික සහ මානසික හිංසනය සංසිඳවීමට නම් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සුවපත් කළ යුතු බව ද එමගින් බොහෝ ගැටලු නිරාකරණය කරගත හැකි බවයි.

තම වෙබ් අඩවිය මගින් දරුවන්ගේ මනස සුවපත් කරන විවිධ ආගමික විධික්‍රම සහ ගැඹුරු චිත්ත දමනයන් තුළින් සිතුවිලි සංවරකර ගන්නා අන්දම මැනවින් අවබෝධ කර දෙන බවද එම සංවිධානය කියයි. 

උපදේශාත්මක වීඩියෝ, කාටුන් වැනි අන්තරගත නිසා දරුවන්ට කැමැති පරිශීලන මාධ්‍යයක් ඔස්සේ උපදේශාත්මක ඉගැන්වීම්වලට සම්බන්ධ විය හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now