භාණ්ඩ මිළෙහි ඉදිරි වෙනසක්.. ? රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය
ලබන 09 වනදා බදු සංශෝධන පනතක් ඉදිරිපත් නොවන බවත් සියලු භාණ්ඩ මිල ඉහළ යන බව පැවසීම අසත්‍යයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලා.
ඒ රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අද (04) දහවල් පැවති වැඩසටහනකින් අනතුරුවයි.
මාධ්‍යෙව්දීන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසූ අතර එම ප්‍රශ්නය සහ පිළිතුර පහතින් ,
ප්‍රශ්නය – බදු සංශෝධන වගයක් ඉදිරිපත් කරන බව පැවසෙනවා, සියලු භාණ්ඩවල මිල ඉහළ යන බව ඇත්තද?
“09 වනදා බදු සංශෝධන පනත් ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහරවිට ලබන සතියේ 13 හෝ වෙනත් දිනයක. දෙවනි කාරණාව ඒ ඉදිරිපත් වෙන සංශෝධනයන් කිසිවක්ම මෙවර අයවැය ලේඛනයට සම්බන්ධ නැහැ. ඒවා අතුරු අයවැය ලේඛනයේ තිබුණ යම් කරුණු හෝ මේ අයවැය ලේඛනයට පෙර ඉදිරිපත් වූ යම් කරුණු. වැදගත්ම දේ ඒ ඉදිරිපත්වෙන යම් කරණු සංශෝධන නිසා කොයිම වෙලාවකවත් සියලු භාණ්ඩවල මිල වැඩිවෙන්න කිසිම හේතුවක් නැහැ.
මොකද ඒ සංශෝධනවල ඉදිරිපත් වන කරණා සෘජු බදු සම්බන්ධයෙන්.
වක්‍ර බද්දක් හැටියට වැඩිවෙන්නේ එකම එක දෙයක් තමයි එපාට්මන්ට් වගේ ගොඩනැගිලි සඳහා වූ වැට් බද්ද වැඩිවෙනවා. කවුරු හරි ගොඩනැගිල්ලක් හදලා පළමුවර විකිණීමේදී විතරයි ඒ බද්ධ අයත් වෙන්නේ. කවුරුහරි මිලදී ගෙන නැවත විකුණකොට ඒ බද්ද අයත් වෙන්නේ නැහැ. මේ බදු සංශෝධනයන් නීති බවට පත්වෙන්නේ බොහෝ විට ජනවාරි මාසේ පළමු වෙනිදා සිට. සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා කියන එක කිසිසේත්ම සිදුවෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් කියනවා.”