ජනාධිපතිවරණය තවත් උණුසුම්.. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට.. ඇප තැම්පත් කිරීමත් අවසන්.
ජනාධිපතිවරණය එලැඹෙන සැප්තැම්බර් 21වනදා පැවැත්වීමය සියලු කටයුතු සූදානම්.
මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරණයට අදාළ ඇප තැම්පත් කිරීම අවසන් කෙරුණා.
ඒ අනුව මේ වන විට ඇප තැම්පත් කර ඇති අපේක්ෂකයින් ගණන 38ක්.
අද උදෑසන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැම්පත් කිරීමද සිදුකෙරුණා.
එමෙන්ම හිටපු මහජම උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වෙනුවෙන් ඇප තැම්පත් කිරීමද සිදුකෙරුණා.
මේ සියලු අපේක්ෂකයන් ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීම හෙට සිදු කිරීමට නියමිතයි.
සමගි ජන බලවේගයට සහාය පළ කිරීම සදහා අද හිටපු ක්රිකට් ක්රීඩක තිලකරත්න ඩිල්ශාන්ද අද කටයුතු කළා.
ඒ අනුව ඔහුව පත්කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාගෙන් හිස්වූ කළුතර දිස්ත්රික් ආසන සංවිධායකවරයා ලෙසයි.
මේ ආකාරයෙන් ජනාධිපතිවරණය සදහා මේ වන
විට අපේක්ෂකයින් අතර දෑඩි තරගයක් ඇති වී ඇති ආකාරය දක්නට ලැබෙනවා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%