පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා

By Sithumi Mar 17, 2023 06:26 PM GMT
Report

පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසුවා කුරුණෑගල පොලිස් අධිකාරී 1 ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා විසින් මූලික විමර්ශනයක් පවත්වා  පොලිස් කොස්තාපල් රියදුරාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අලුත ගෙනා ටයරය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළුලොරි රථයක රියදුරෙකුට විකුණා පොලිස් බස් රථයේ පරණ ටයරය ගලවා ඒ වෙනුවට නැවත පිරවූ ටයරයක් සවිකර ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කලා.

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාට ලැබුණු තොරතුරක් මත කුරුණෑගල  කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් යොදවා කරන ලද පරීක්ෂණයකදී මේ බව හෙළි වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කලා.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මතකුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයුම යටතේ මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා.  


 ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.


වැඩි විස්තර