පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අත්තඩංගුවට ගන්නැයි නියෝගයක්..

By Sithumi Dec 22, 2022 01:26 PM GMT
Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (22) පොලීසියට නියෝග කර තිබෙනවා.  

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනා එළඹෙන ජනවාරි 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය අද නියෝග කර තිබෙනවා.

  සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් එහිදී සිසුන් 06 දෙනෙකුව හඳුනාගෙන තිබෙනවා