මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවක්

Advanced Agri Farmers Mission Sri Lanka
By Sithumi Mar 17, 2023 11:41 AM GMT
Report

මෙවර මහ කන්නයේ හෙක්ටෙයාර් එකකට ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.1ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා. 2021 මහ කන්නයට පෙර මෙරටින් හෙක්ටයාර් එකකින් ලද වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4.1 සිට 4.5 දක්වා ඉහළ මට්ටමක පැවති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග 2021 මහ කන්නයේ හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2.1ක් දක්වා තවදුරටත් පහත වැටුණා කෙසේ වෙතත් එම අමාත්‍යංශය පැවසුවේ.

2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට රජය ගත් තීරණයත් සමග මෙරට හෙක්ටයාර් එකකට ලැබෙන වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3.1ක් දක්වා ඉහළ ගිය බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මෙරට සහල් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා එම වී ප්‍රමණවත් නොවන බවයි. මේ හේතුවෙන් මෙරට වී වගාව සම්බන්ධයෙන් දස අවුරුදු සැලැස්මක් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සැලසුම් කර ඇත්තේ ඉදිරි වසර 03 තුළ හෙක්ටයාර් එකකට ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 4.5 දක්වාත්, වසර 05ක් තුළ මෙට්‍රික් ටොන් 5.2 දක්වාත් වසර 10ක් තුළ මෙට්‍රික් ටොන් 5.5 දක්වාත් ඉහළ නැංවීමටයි.